අද මේ දක්වා කොවිඩ් රෝගීන් 10ක්

by admindasun
0 comment 49 views

අද දිනයේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් නව කොවිඩ් -19 ආසාධිත රෝගීන් 10 දෙනෙකු හමුවී ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙම රෝගීන්ගෙන් 09 දෙනෙකු විදේශ රටවල සිට පැමිණ මෙරට නිරෝධායනය වෙමින් සිටි අය වන අතර එක් අයෙකු නාවික හමුදා සාමාජිකයෙකු බවත් වසංගත රෝග අංශය පවසයි.

ඒ අනුව කොවිඩ් – 19 ආසාධනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 819ක් වන අතර අද දිනයේද සුවය ලබා පිටව ගිය අය ඇතුළුව මේ වන විට සම්පූර්ණ සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 801ක් පමණ වේ.

කෙසේ වෙතත් මේ වන තෙක් මෙරට කොවිඩ් – 19 ආසාධනය වූ මුළු සංඛ්‍යාව 1630ක් පමණ වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment