දේශපාලඥයන්ද ඇතුළුව සමහර බලාධිකාරයන් විසින් කොවිඩ් – 19 වැළැක්වීම සදහා පනවා ඇති සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් සිටින තත්ත්වයක් පෙන්නුම් කරමින් තිබෙන බව රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසුවේය.
එනිසා ඒ සම්බන්ධයෙන් මහජනතාවට ඇති විශ්වාසයද ගිලිහී වන බවත් ඔහු කියා සිටියේය.
පසුගියද දින කිහිපය පුරා දේශපානලඥයන්ගේ මෙන්ම අනෙකුත් අදාළ බලධාරීන් විසින් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට ලක්කිරීමක් පෙන්නුම් නොකළ අතර මේ සම්බන්ධයෙන් තරාතිරම නොබලා දැඩි දඩුවම් ලබා දිය යුතු බව කුමුදේශ් මහතා පැවසුවේය.
තව දුරටත් කතා කළ ඔහු කියා සිටියේ පසුගිය දිනවල එලෙස වගකීම් රහිතව ක්‍රියාකරන ඇතැම් පුද්ගලයන්ට එරෙහිව කිසිඳු පාර්ශ්වයක් විසින් කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් කොවිඩ්-19 රෝගය ප්‍රජාවට සම්ප්‍රේෂණය වීමේ සහ ප්‍රජාව අතුරෙන් නැවත නැගිටීමක් ඇති වීමේ බරපතල අවධානමක් මතු කරන බවයි.
තවද එකී කොරෝනා මර්ධන නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ අවස්ථාවන් සඳහා විද්‍යුත් මාධ්‍ය (රාජ්‍ය හා පෞද්ගලික) මෙන්ම සමාජ මාධ්‍ය ද්වාර හරහා අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දීම මගින් තත්ත්වය වඩාත් බරපතල වී ඇති අතර එමගින් ඉතා වැරදි පණිවුඩයක් සමාජගත වීම සහ සාමාන්‍ය ජනතාවට සෞඛ්‍ය ආරක්‍ෂාව පිළිබඳ ව්‍යාජ හැඟීමක් නිරූපණය කරන අතර එමඟින් වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශයේ සියලු ප්‍රයත්නයන් පසුගාමී කරනු ලබන බවත් ඔහු පැවසුවේය.
කුමුදේශ් මහතා තවදුරටත් පැවසුවේ බලධාරීන් විසින් දැඩි වැළැක්වීමේ ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම්, අනාගතයේ දී මෙවැනි මහජන රැස්වීම් සංඛ්‍යාවේ බරපතල වැඩිවීමක් අපට දැකගත හැකි වනු ඇත, එමඟින් කොවිඩ් -19 වසංගතයේ දෙවන රැල්ලක් ඇතිවීමට ඇති හැකියාව සාධනීය ලෙස ඉහළ යා හැකි බවයි.
