කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා තාවකාලිකව නවතා දමා තිබුණු ක්‍රිකට් පුහුණුවීම් කටයුතු හෙට සිට යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සදහා දින 12ක පුහුණු කදවුරක් හෙට දින සිට කොළඹ සීසීසී ක්‍රීඩාංගණයේදී ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේය.
මෙම කදවුර සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංචිතයේ සිටින ක්‍රීඩකයන් මේ සදහා සහභාගී වීමට නියමිත අතර පුහුණු කිරීම් සහ සහායක කටයුතු සදහා හතර දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නම් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශයේද සහයෝගය ඇති කොවිඩ් – 19 වැළැක්වීම සම්බන්ධයෙන් වූ සියලු සෞඛ්‍ය උපදෙස්වලට අනුව මෙම පුහුණු කිරීම් කටයුතු සිදු කෙරෙන අතර මෙහිදී යොදා ගැනෙන වාහනද විටන් විට විෂබීජහරණය කිරීමට සැළසුම් කර ඇත.
මෙම පුහුණු සැසිය අවසන් වනතුරු ක්‍රීඩකයන් හෝටලයක නවාතැන් ගැනීමටද නියමත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේය.
මෙසේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පුහුණුවීම ආරම්භ කරන්නේ දින 81කට පසුව වීම සුවිශේෂී කාරණයක් වනු ඇත.
