ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුණු මුළු කොවිඩ් – 19 රෝගීන්ගේ සංඛ්‍යාව 62ක් වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මෙම රෝගීන්ගෙන් 25 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වූ අතර 37 දෙනෙකු විදේශ රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් වූ බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මේ අනුව මේ වන විට මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 829ක් පමණ වන අතර සුවය ලබා මේ වන තෙක් පිටව ගොස් ඇති සංඛ්‍යාව 781කි.
ශ්‍රී ලංකාවේ මේ වන තෙක් වාර්තා වී ඇති මුළු කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1620ක් බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
අද දිනයේ මේ වන තෙක් නව රෝගීන් වාර්තා වීමක් හෝ සුවය ලබා පිටව යාමක් වාර්තා වී නොමැත.
