තොන්ඩමන්ගේ පුරප්පාඩුව මැයි 03 මැකො සාකච්ඡාවට

by admindasun
0 comment 32 views

එළඹෙන මහ මැතිවරණයේදී නුුවරඑළිය දිස්ත්‍රික්කය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලයිස්තුවෙන් තරග කිරීමට සිටි ආරුමුගම් තොන්ඩමන් මහතා වෙනුවට වෙනත් අයෙකු නම් කිරීමට අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම අදාළ පක්ෂය දැනුවත් කිරීමට ජුනි 03 වන දින කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් News Unlimited කළ විමසුමකදී ඔහු කියා සිටියේ නාම යෝජනා බාරදී මැතිවරණය පැවැත්වෙන අතර කාලය තුළ යම් කිසි අපේක්ෂකයෙකු මියගියහොත් ඒ සදහා වෙනත් අයෙකු නම් කිරීමට අදාළ දේශපාලන පක්ෂයට හැකියාව ඇති බවයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාට අදාළ මරණ සහතිකය ඇතුලු ලියකිවිලි සහ ඒ වෙනුවට ඇතුළත් කළ යුතු පුද්ගලයාගේ නම එම දේශපාලන පක්ෂය විසින් මැතිවරණ කොමිසමට ලබාදිය යුතු බවත් දේශප්‍රිය මහතා පවසයි.

ඒ අනුව මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ලැබීමට අදාළ ලියකියවිලි පිළිබදව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දැනුම් දීම ජුනි මස 03 වන දින මැතිවරණ කොමිසම රැස්වන අවස්ථාවේදී සාකච්ඡා කිරීමට නියමිත බවත් සභාපතිවරයා පැවසුවේය.

ආරුමුගම් තොන්ඩමන් මහතා මිය යාමෙන් හිස්වූූ පුරප්පාඩුව සදහා ඒ මහතාගේ පුත් ජීවන් තොන්ඩමන් මහතා පත් කළ යුතු බවට මේ වන විටත් ලංකා කම්කරු කොංග්‍රසය ඒකමතිකව තීරණය කර ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment