තවත් කොවිඩ් රෝගීන් 27ක් සුවය ලබා පිටව යයි

by admindasun
0 comment 20 views

අද උදෑසන තවත් කොවිඩ් රෝගීන් 27 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ මෙරට කොවිඩ් – 19 ආසාධනය වීමෙන් සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 781 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ වන විට කොවිඩ් – 19 ආසාධනය වීම නිසා මෙරට රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 767ක් පමණ වන අතර මේ වන තෙක් රෝගය වැළදී ඇති සංඛ්‍යාව 1558ක් පමණ වේ.

කෙසේ වෙතත් පසුගිය මාසයකට ආසන්න කාලයක් මුළුල්ලේ මෙරටින් කොවිඩ් – 19 රෝගීන් හමුවන්නේ නාවික හමුදා නියැදියෙන් සහ විදේශ රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පිරිසකගෙන් පමණක් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment