මැතිවරණ සෞඛ්‍ය උපදෙස් ලබන සතියේ මැකොට

by admindasun
0 comment 40 views

පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ මැතිවරණයක් පැවැත්වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් මාලාව ලබන සතියේ මැතිවරණ කොමිසම වෙත ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

මෙම උපදෙස් මාලාව මැතිවරණ කොමිසම සහ සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව සකස් කෙරෙන අතර මැතිවරණය පැවැත්වීමේදී සෑම පියවරක් සදහාම අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් එම නිවේදනයේ අඩංගු වන බවත් ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධව තව දුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මෙම උපදෙස් මාලාව සකස් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූූ බවයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් විමසූ විට කියා සිටියේ මෙවැනි උපදසේ මාලාවක් සකස් කිරීම පිළිබදව පළමුව අප්‍රේල් 29 වන දින සාකච්ඡා කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් නැවතත් ඒ සම්බන්ධව මැයි 04 වන දින සාකච්ඡා කළ බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වූ පළමු කෙටුම්පත මැයි 16 වන දින සාකච්ඡාවට භාජනය කෙරුණු අතර එම සාකච්ඡාවට අදාළව සකස් කරන ලද දෙවන කෙටුම්පත මැයි 26 වන දින දෙපාර්ශවයම විසින් විශ්ලේෂණය කළ බවයි.

දේශප්‍රිය මහතා තවදුරටත් කියා සිටියේ එම සෞඛ්‍ය උපදෙස් මාලාවේ අවසන් කෙටුම්පත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මැතිවරණ කොමිසම වෙත ලබා දීමට නියමිත බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment