ගෆූර් ගොඩනැගිල්ල අවට PCR පරීක්ෂණ

by admindasun
0 comment 27 views

කොළඹ කොටුව ගෆූර් ගොඩනැගිල්ල තුළ සිට නාවික හමුදා සාමාජිකයෙකුට පසුගිය 27 වනදා කොවිඩ් -19 ආසාධිත බවට තහවුරු වීමත් සමග එම ගොඩනැගිල්ල අවට තෝරාගත් පිරිස් සදහා PCR පරීක්ෂණ සිදු කිරීම අද ආරම්භ කළ බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.

මේ අනුව මෙම ගොඩනැගිල්ල අවට කඩ සාප්පුවල සේවය කරන ලද 35කින් සමන්විත කුඩා නියැදියකින් ජෛව සහ රුධිර සාම්පල ලබා ගැනීමට නියමිත බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනී වෛද්‍ය දිනූකා ගුරුගේ පැවසුවාය.

තව දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ගුරුගේ පැවසුවේ ඊයේ දිනයේදී කොළඹ නගරයේ ලබා ගත් සාම්පලවලට අනුව බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් – 19 ආසාධිත පුද්ගලයෙකු වාර්තා වී නොමැති බවයි.

තවමත් කොවිඩ් – 19 රෝගීන් වාර්තා වන්නේ නාවික හමුදා නියැදියෙන් සහ විදේශයන්හි සිට පැමිණි නියැදියෙන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment