කොවිඩ් – 19 ආසාධනය වීමෙන් රෝහල් ගත කර සිටි නාවික හමුදා සාමාජිකයන් 15 දෙනෙකු සම්පුර්ණයෙන් සුවය ලබා අද දින උදෑසන පිටව යාමත් සමග සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව 381 දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේය.
මේ වන විට කොවිඩ් – 19 වැළදී රෝහල් ගත කර ඇති මුළු නාවික හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව 734ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පැවසුවේය.
මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන නාවික හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව 353කි.
