මැයි 31, ජුනි 04 හා 05 රටටම ඇදිරි නීතිය

by admindasun
0 comment 83 views

මැයි 31 ඉරිදා දින සහ ජුනි මස 04 (බ්‍රහස්පතින්දා) සහ 05 (සිකුරාදා) දිනවල මුළු දිවයිනට බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය අද නිවේදනය කළේය.

එම නිවේදනයේ සදහන් පරිදි ජුනි 01 සිට 03 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රි 10 සිට අළුයම 04 දක්වා පමණක් වන අතර ජුනි 06 වනදා සිට පෙර පරිදිම එම කාලය තුළ පමණක් ඇදිරි නීතිය ක්‍රියාත්මක වේ.

තව දුරටත් එම නිවේදනයේ සදහන් වන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැරුණු කොට සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයටද මේ වන විට අවසර ලබා දී ඇති බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment