අද රාත්‍රි සිට සහල් මිල ඉහළට

by admindasun
0 comment 72 views

අද මධ්‍යම රාත්‍රි සිට සහල් මිල ඉහළ දමා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිවේදනය කළේය.

ඒ අනුව දැනට රු. 90 ට පවතින සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රු. 98 දක්වාද, දැනට රු. 90 ට පවතින නාඩුු  සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රු. 96ක් වන බව එම අධිකාරිය වැඩි දුරටත් පැවසුවේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිි ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර පැවසුවේ වෙළෙද පොළේ සහල් හිගයක් ඇති වීම වැළැක්වීම සදහා මෙන්ම ඉදිරි කන්නයේදී වී මිලදී ගැනීමේදී ගොවියාට හොද මිලක් ලබා දීමට සහල් මිල ඉහළ දමා ඇති බවයි.

පසුගියද දින කිහිපය පුරා වෙළෙද පොළේ සහල් හිගයක් නිර්මාණය වෙමින් පැවතුණු අතර මහා පරිමාණ සහල් මෝල් හිමියන් පැවසුවේ වී කිලෝව රු. 50 සහ 55ට මිලදී ගෙන නිෂ්පාදනය කරන ලද සහල් තමා සතුව ඇති බැවින් වෙළෙද පොළේ දැනට පැවතුණු උපරිම සිල්ලර මිලට එම සහල් නිකුත් කළ නොහැකි බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment