බ්‍රිටිෂ් කවුන්සිලය නියෝජිත මධ්‍යස්ථාන අගයයි

by admindasun
0 comment 41 views

වසර ගණනාවක් මුළුල්ලේ කේම්බ්‍රිජ් ඉංග්‍රීසි ඇගයුම් විභාග සඳහා සිසුන් ලියාපදිංචි කරමින් බ්‍රිටිෂ් කවුන්සිලයේ කටයුතුවලට විශාල සහායක් ලබාදුන් ‘කේම්බ්‍රිජ් ඉංග්‍රීසි ඇගයුම් විභාග සඳහා ලියාපදිංචිකිරීමේ’ මධ්‍යස්ථාන රැසක් පසුගියදා පැවති සම්මාන ප්‍රදානෝත්සවයකදී සම්මානයට පාත්‍රවිය.

තවද කේම්බ්‍රිජ් ඉංග්‍රීසි ඇගයුම් කටයුතු සඳහා ගුණාත්මක සේවාවක් ලබාදීමට කැපවී ක්‍රියාකළ විභාග පරීක්ෂකවරුන් 25 දෙනෙකුටද මෙහිදී සම්මාන හිමිවීම කැපී පෙනුණි.

මෙහිදී මහරගම ESOL College ආයතනයට ප්ලැටිනම් සම්මානය හිමිවූ අතර මීගමුවේ Institute of British Examinations ආයතනය රන් සම්මානය දිනාගත්තේය. කොටිකාවත්ත Britannia Education Services & Tuition ආයතනය සහ මඩකළපුව Headway School of Languages ආයතනය පිළිවෙළින් රිදී සහ ලෝකඩ සම්මානවලට හිමිකම් කීය.

2019 වසර සඳහා වැඩිම සිසුන් ප්‍රමාණයක් බ්‍රිටිෂ් කවුන්සිලය සමඟ ලියාපදිංචි කළ ‘කේම්බ්‍රිජ් ඉංග්‍රීසි ඇගයුම් විභාග සඳහා ලියාපදිංචි කිරීමේ’ මධ්‍යස්ථාන 50කට විශේෂ සන්නාම සමරු ඵලක පිරිනැමීම ද සම්මාන උළෙලේ තවත් එක් කැපී පෙනෙන අංගයක් විය.

බ්‍රිටිෂ් කවුන්සිල් යනු ශ්‍රී ලංකාවේ කේම්බ්‍රිජ් ඉංග්‍රීසි ඇගයුම් විභාග පැවැත්වීමේ අනුමැතිය ලත් පළමු ආයතනයයි. වර්තමානය වනවිට බ්‍රිටිෂ් කවුන්සිලයේ ලියාපදිංචි වී ශ්‍රී ලංකාවේ පළාත් නමය මෙන්ම මාලදිවයිනේ දිවයින් පහක් ආවරණය වන පරිදි කේම්බ්‍රිජ් ඉංග්‍රීසි විභාග සඳහා අපේක්ෂකයින් සූදානම් කරන ‘කේම්බ්‍රිජ් ඉංග්‍රීසි ඇගයුම් විභාග සඳහා ලියාපදිංචිකිරීමේ’ මධ්‍යස්ථාන සංඛ්‍යාව 250කට අධිකය.

මෙරට සිසුන්ට එක්සත් රාජධානියේ පිළිගත් අධ්‍යාපන සුදුසුකමක් හිමිකරදෙන අතරේදී, ‘කේම්බ්‍රිජ් ඉංග්‍රීසි ඇගයුම් විභාග සඳහා ලියාපදිංචිකිරීමේ’ මධ්‍යස්ථානවල ගුරුවරු පුහුණු කිරීමේ වැඩමුළු හා කේම්බ්‍රිජ් ඉංග්‍රීසි ඇගයුම් විභාග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්ද බ්‍රිටිෂ් කවුන්සිලය ක්‍රියාත්මක කරයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment