දිනකදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වන 135 දෙනෙකු අද දින තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මේ රෝගීන් අතුරින් 127 දෙනෙකු කුවේට් සිට පසුගියදා මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්කර සිටි අය වන අතර 8 දෙනෙක් නාවික හමුදා සාමජිකයන් බව සෞඛ්‍ය ආරංචි මාර්ග පැවසුවේය.
ඒ අනුව කොවිඩ් – 19 ආසාධනය වීම නිසා මේ වන රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 595ක් වන අතර වාර්තා වී ඇති මුළු කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1317ක් බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
අද දිනයේදීද 17 දෙනෙකු සම්පූර්ණයෙන් සුවය ලබා තම නිවෙස් බලා පිටත්ව ගිය අතර ඒ අනුව සුවය ලැබූවන්ගේ මුළු ගණන 712 දක්වා ඉහළ ගොස් ඇත.
කෙසේ වෙතත් ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුණු 10 වැනි කොවිඩ් – 19 මරණය වාර්තා වුණු අතර එම කාන්තාවද කුවේට් සිට පැමිණි අයෙක් විය.
මේ අතර සෞඛ්‍ය උපදෙස් පිළි නොපැද එසේ මියගිය කාන්තාව බැලීමට ත්‍රිකුණාමලය රෝහලට ගිය ඇයගේ වාද්දුව ප්‍රදේශයේ පදිංචි නෑදෑයන් පිරිසක් අද දින තම නිවෙස්වලදීම නිරෝධායනයට ලක් කෙරුණි.
