අමාත්‍ය තොන්ඩමන් මියයයි

by admindasun
0 comment 114 views

කම්කරු කොංග්‍රසයේ නායක සහ අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා අද සන්ධ්‍යවේදී මියගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

හදිසියේ අසනීප වීමෙන් පසු තලංගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.

මියයන විට 55 වැනි වියේ පසුවුණු ඔහු හෘදයාබාධයකින් මියගිය බව රෝහල් ආරංචි මාර්ග තවදුරටත් පැවසුවේය.

ප්‍රජා යටිතල පහසුම් හා සවිබලගැන්වීමේ අමාත්‍යවරයා ලෙස වර්තමානයේ කටයුතු කළ ඔහු පුරා වසර 26ක් නොකඩවා පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment