පළාත් 06කට ගංවතුර අවදානම

by admindasun
0 comment 80 views

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ පළාත් 06කට ඇතිවිය හැකි තද වැසි හේතුවෙන් ගංගා ද්‍රෝණි කිහිපයකට ගංවතුර අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්ම වු වර්ෂාපතනයක් ඇතිවිය හැකි අතර එනිසා ගංගා ද්‍රෝණිි කීපයකට ගංවතුර අවදානම් තත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් අද කියා සිටියේය.

මී ඔය, දැදුරු ඔය, මහ ඔය, අත්තනගලු ඔය, කැළණි ගඟ, කලු ගඟ, බෙන්තොට ගග, ගිං ගඟ, නිල්වලා ගඟ, කිරම ඔය සහ ඌරුබොකු ඔය යන  ගංගාධාරයට අයත් පහත් බිම් ජලයෙන් යට විය හැකි බව එම නිවේදනයේ තව දුරටත් සදහන්වේ.

ඊට අමතරව මධ්‍යම කදුකරයට ලැබිය හැකි වර්ෂාපතනය අනුව මහවැලි ගංගාධාරයේ පහත්බිම් ප්‍රදේශවලටද ගං වතුර අවදානමක් ඇතිවීමට ඉඩ කඩ පවතින බවද පැවසේ.

පවතින කොවිඩ් වසංගත අවදානම හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් එය පාලනය කරගනිමින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම කටයුතු කරන ලෙස ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ජානක හදුන්පතිරාජ මහතා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment