මැදපෙරදිගින් ලාංකිකයන් ගෙන්වීම තාවකාලකව නවතයි

by admindasun
0 comment 105 views

පසුගිය දින කිහිපය පුරා කුවේට් සිට මෙරටට පැමිණි අය අතරින් කොවිඩ් – 19 රෝගීන් වාර්තා වීම දිගින් දිගටම සිදු වන බැවින් මැද පෙරදිග රටවල්වල සිට මෙරටට ශ්‍රීී ලාංකිකයන් ගෙන්වා ගැනීම තාවකාලිකව නතර කර ඇති බව විදේශ සබදතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ පවසයි.

ඒ අනුව හෙට උදෑසන කටාර්හි සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගෙන මෙරට බලා පිටත් වීමට තිබුණු ගුවන් යානය අවලංගු කර ඇති බවත් ඔහු කියා සිටියේය.

මේ වන විට විදේශ රටවල්වල සිට පැමිණ මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්කර සිටින අයගෙන් 130 දෙනෙකුට මේ දක්වා කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඉන් බහුතරය කුවේට් සිට පැමිණි අය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසයි.

මේ වන විට පසුගිය දින 26 මුළුල්ලේ බාහිර සමාජයෙන් කොවිඩ් – 19 රෝගීන් වාර්තා නොවන අතර තවමත් සක්‍රීයව පවතින්නේ නාවික හමුදා නියැදිය සහ නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවන නියැදිය පමණක් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment