කුවේට් සිට පසුගියදා පැමිණ ත්‍රිකුණාමල නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි 51 හැවිරිදි කාන්තාවක් අද දින කොවිඩ් – 19 ආසාධනය වීම හේතුවෙන් මරණයට පත්විය.

කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ මෙම කාන්තාව කළුතර පයාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පපුවේ ආමාරුවක් හේතුවෙන් මරණයට පත් වී ඇති බවයි.

පසුව සිදු කරන ලද පීසීආර් පරීක්ෂණවලට අනුව එම කාන්තාවට කොවිඩ් – 19 ආසාධනය වී ඇති බව තහවුරු වුණු බවත් එම මධ්‍යස්ථානය පැවසුවේය.

අද දිනයේ මේ වන තෙක් වාර්තා වුණු රෝගීන්ට අනුව මෙරට කොවිඩ් – 19 ආසාධිතයින්ගේ සංඛ්‍යාව 1,164 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වන විට 695 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් බලා පිටත්ව ගොස් ඇති අතර මේ වන විට රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 459ක් පමණ වන බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment