බඩු මිල යළි අහස උසට

by admindasun
0 comment 93 views

කොවිඩ් – 19 වසංගතය හමුවේ හැම පැත්තකින්ම අසරණ වී සිටින ජනතාවට දැන් බඩු මිල ඉහළ යාමේ ගැටළුවටද මුහුණ දීමට සිදු වී ඇති බවට ජාතික සමගි ජන බලවේගය ආණ්ඩුවට චෝදනා කරයි.

අද දින මාධ්‍ය අමතමින් ජාතික සමගි ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර මහතා පැවසුවේ වර්තමානයේ රජය විසින් පනවා ඇති බදු මුදල් හේතුවෙන් මේ වන විට යළි බඩු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.

“බඩු මිල අහස උසට ඉහළ යනවා. බදු බර ඉහළ යනවා. ඒකත් එක්ක ජනතාවට ජීවත් වෙන්න බැරිවෙලා. ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ තත්වයක් ඇතිවෙලා තිබෙනවා,” යැයි ඔහු පැවසුවේය.

තවදුරටත් අදහස් දැක්වූ නානායක්කාර මහතා පැවසුවේ රජය කොවිඩ් – 19 වසංගතය නිසා අසරණ වුණු ජනතාවට රුපියල් 5,000ක දීමනාවක් ලබා දී නව බදු මුදල් පැනවීම සහ බදු මුදල් ඉහළ දැමීම හරහා එම මුදල් නැවත රජයට ලබා ගන්නා බවයි.

එසේම බදු පැනවීම හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යන අතර පරිප්පු, සුදු ළූණු, ඇපල් වැනි ලංකාවේ නිෂ්පාදනය නොකරන දේවල්වලට බදු පැනවීමෙන් රජයේ ආර්ථික කළමනාකරණයේ නොහැකියාව පෙන්නුම් කරන බවත් ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment