අද කොවිඩ් රෝගීන් 51ක් | 47ක් කුවේට් සිට පැමිණි අය

by admindasun
0 comment 50 views

අද දිනයේ මේ දක්වා කොවඩ් – 19 ලෙස තහවුරු වූ රෝගීන් 51 දෙනෙක් වාර්තා වී ඇති අතර ඉන් 47 දෙනෙකු කුවේට් සිට මෙරටට පැමිණ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක් කර සිටින අය වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද දින හදුනා ගැණුනු අයගෙන් තවත් දෙදෙනෙක් නාවික හමුදා සාමාජිකයන් වූ බවත් සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 457 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරටින් වාර්තා වුණු මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 1,140ක් බවත් වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

මේ වන විට සුවය ලබා 674ක් නිවෙස් බලා පිටව ගොස් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment