අද දිනයේ මේ වන විට කොවිඩ් – 19 ආසාධිත රෝගීන් 29ක් පමණ තහවුරු වී ඇති අතර ඉන් 28 දෙනෙක්ම කුවේට් සිට පසුගියදා මෙරටට පැමිණ මේ වන විට රජයේ මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක් කර සිටින අය වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
එක් රෝගියෙක් නාවික හමුදා සාමාජිකයෙකු වන බවත් එම ආරංචි මාර්ග පැවසුවේය.
ඒ අනුව මේ වන විට කොවිඩ් – 19 ආසාධනය වී රෝහල්වල ප්‍රතිකාර ලබා ගන්නා සංඛ්‍යාව 435ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අද දිනයේද ඇතුළුව සම්පූර්ණයෙන්ම සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 674ක් පමණ වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ආසාධනය වූ මුළු සංඛ්‍යාව 1,118 දක්වා ඉහළ ගොස් ඇත.
කෙසේ වෙතත් පසුගිය දවස් 23ක කාලයක් තුළ බාහිර සාමාජයෙන් කිසිදු කොවිඩ් රෝගියෙකු වාර්තා වී නොමැති අතර රෝගීන් වාර්තා වී ඇත්තේ නාවික හමුදා සාමාජිකයන්ගෙන් සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයගෙන් පමණත් බව රජයේ වසංගත රෝග විද්‍යා අශයේ ප්‍රධාන වසංගත විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේය.
