කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ වසා දමා තිබුණුු රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාල ඇදිරි නීතිය යටතේම යළි විවෘත කිරීමෙන් පසු දැඩි සෞඛ්‍ය උපදෙස් මාලාවක් අනුගමනට කළ යුතු බවට දන්වා තිබුණද රජයේ ආයතන විසින්ම එම උපදෙස් පිළි නොපදින බවට රාජ්‍ය සේවා කළමනාකාර සහකාරවරුන්ගේ සංගමය චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමන් රාජ්‍ය සේවා කළමනාකාර සහකාරවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිම විමලසුරේන්ද්‍ර මහතා පැවසුවේ අදාළ සෞඛ්‍ය උපදෙස්වලට අනුව රජයේ කාර්යාලවලට ගෙන්වා ගත හැක්කේ සේවකයින්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් වුවත් කම්කරු දෙපාර්තමේන්තුව පවා සියලු සේවකයින් ගෙන්වා ගැනීමට කටයුතු කර තිබුණු බවයි.
එසේ සේවකයින් ගෙන්වා ගත්තද ඔවුන්ට නියමිත රාජකාරියක් පවරා නොතිබුණු අතර සේවකයින් අවදානමක්ද ගෙන එසේ පැමිණීමෙන් වැඩක් නොවී ඇති බවත් විමලසුරේන්ද්‍ර මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් මේ වන විටත් ඒ සම්බන්ධයෙන් තම සංගමය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට පැමිණිලි කර ඇති බවත් ඔහු පැවසුවේය.
