මැයි 26 සිට ඇදිරි නීතියෙන් රටම නිදහස්

by admindasun
0 comment 78 views

කොවිඩ් – 19 වසංගතය වැළැක්වීමේ පියවරක් ලෙස මේ වන විට ක්‍රියාත්මක කර ඇති ඇදිරි නීතිය මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි 2020 මැයි මස 26 වනදා සිට ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය අද නිවේදනය කළේය.

ඒ අනුව මේ වන කෙත් නොකඩවා ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරුණු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලටද අගහරුවාදා සිට ඇදිරි නීතිය ලිහිල් කෙරෙන බව එම නිවේදනයේ සදහන් වේ.

කෙසේ වෙතත් එම නිවේදනයේ තව දුරටත් සදහන් වන්නේ අගහරුවාදා (මැයි 26) සිට නැවත දැනුම් දෙන තුරු මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි රාත්‍රි 10.00 සිට අළුයම 4.00 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බවයි.

මේ අතර දිස්ත්‍රික්ක අතර නවතා තිබුණු ගමනාගමන කටයුතු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හැර අගහරුවාදා දිනයේ සිට යළි ආරම්භ කිිිිිිරීමට පියවර ගෙන ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment