නැගෙනහිර උරුමය රකින්න ජනපති පෙරට

by admindasun
0 comment 45 views

නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කොට ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේය.

අද (22) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති බෞද්ධ උපදේශක සභාවේදී ජනාධිපතිවරයා මේ බව මහා සංඝරත්නයට ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

නැගෙනහිර පළාතේ පවතින පුරාවස්තු විනාශය පිළිබඳව විවිධ පාර්ශ්වයන් කරුණු ඉදිරිපත් කර ඇති අතර මේ සියල්ල සැලකිල්ලට ගෙන ඓතිහාසික ස්ථාන කේන්ද්‍රකර ගනිමින් ඒවා ආරක්ෂා කර ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහයෙන් ක්‍රියාවට නැංවීම වැදගත් වන බවත් ඔහුු පැවසුවේය.

නැගෙනහිර පළාතේ පිහිටි මුහුදු මහා විහාරයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම වැළැක්වීමට පසුගියදා ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව නාවික හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කිරීමද ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment