‘ඉටුකම’ දැන්වීමෙන් කිරිපිටි ප්‍රවර්ධනය කරන බවට චෝදනා

by admindasun
0 comment 64 views

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පසුගියදා හදුන්වාදුන් ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ප්‍රවර්ධනය කිරීම සදහා මේ දිනවල රූපවාහනී නාලිකාවල විකාශය කෙරෙන වෙළෙද දැන්වීම මගින් කිරිපිටි ප්‍රවර්ධනය කෙරෙන බවට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාට ලිපියක් යවමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ පැවසුවේ මෙම අරමුදල පිහිටුවීමේ මහගු සත්ක්‍රියාව තම සංගමය විසින් අගය කරනු ලබන අතර එහි එක් රූප රාමුවක රාජකාරී කටයුතු සදහා නික්ම යන හෙද නිළධාරිනියකගේ ස්වාමි පුරුෂයා විසින් තම දරුවාගේ අතට කිරිි බෝතලයක් ලබාදී කිරි බීමට සැලැස්වීම හරහා කිරිපිටි ප්‍රවර්ධනය කිරීම වක්‍රාකාරයෙන් සිදු වන අතරම දරුවන්ට ආහාර ලබා දීමේ අනුමත නොකළ ක්‍රමයක්ද ප්‍රවර්ධනය වන බවයි.

එසේම එය ළදරුවන්ට ආහාර ලබාදීමේ මූලික සංකල්පවලට මෙන්ම යහපත් පෝෂණ භාවිතයන්වලට පටහැනි බවත් වෛද්‍ය අළුත්ගේ පවසයි.

තව දුරටත් වෛද්‍ය අළුත්ගේ පැවසුවේ මේ සම්බන්ධයෙන් පවුල් සෞඛ්‍ය කාර්යංශය, මහජන සෞඛ්‍ය කටයුතුවල නිරත තම සාමාජිකයන් මෙන්ම රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප්‍රාදේශීය ශාඛා තම සංගමය වෙත කරුණු අනාවරණය කර ඇති බවයි.

ඒ අනුව මෙම වෙළෙද දැන්වීම යළි සංස්කරණය කොට අදාළ කොටස් ඉවත් කර යළි විකාශය කිරීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය වැළැක්වීම සදහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් ලබා දෙන සහයෝගය තව දුරටත් ඒ අයුරින්ම රජය වෙත ලබා දෙන බවත් වෛද්‍ය අළුත්ගේ වැඩි දුරටත් පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment