ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද උදෑසන නිකුත් කරන ලද ඇදිරි නීතිය පිළිබද නවතම නිවේදනයට අනුව මැයි 23 සෙනසුරාදා රාත්‍රි 08 සිට මැයි 26 අගහරුවාදා උදෑසන 05 දක්වා මුළු දිවයිනටම ඇදිරි නීතිය ක්‍රියාත්මක කරනු ලැබේ.
ඒ අනුව මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.
කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රීක්කවල හෙට (23), සෙනසුරාදා රාත්‍රී 8.00 සිට බලාත්මක වන ඇඳිරි නීතිය මැයි 26, අඟහරුවාදා උදේ 5.00 ට ලිහිල් කෙරේ. මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිනපතා රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වෙයි.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බවත් එම නිවේදනයේ සදහන්වේ.
එහි තවදුරටත් සදහන් වන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළ හෙටත් ක්‍රියාත්මක අතර මැයි, 26 අඟහරුවාදා සිට පෙර පරිදි ඉදිරියට ගෙන යන බවයි.
එසේම මීට පෙර නිකුත් කළ නිවේදනවල සඳහන් ඇඳිරි නීතියට අදාළ කොන්දේසි ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බවත් එම නිවේදනයේ සදහන්වේ.
