බ්‍රහස්පතින්දා (21) හදුනා ගැණුනු කොවිඩ් රෝගීන් 19 දෙනාගෙන් 15 දෙනෙකු ඩුබායි සිට පැමිණ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක් කර සිටි අය වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අතරින් තවත් දෙදෙනකෙු නාවික හමුදා සාමාජිකයන් වන බවත් සෞඛ්‍ය ආරංචි මාර්ග පැවසුවේය.
ඒ අනුව මෙරට කොවිඩ් ආසාධනය වී මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 434 දක්වා ඉහළ ගිය අතර අද දිනයේදීද ඇතුළුව සම්පූර්ණ සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 604 දක්වා ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මේ වන තෙක් මෙරට කොවිඩ් ආසාධනය වූ සංඛ්‍යාව 1047කි.
