මාලිගාවත්ත ප්‍රදේශයේදී අද දින ඇතිවූ තෙරපුමට හේතු වූ රු. 2,500ක් බෙදා දුන් බවට පැවසෙන ව්‍යාපාරිකයා ඇතුළු 05 දෙනෙක් උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජුනි මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
රු. 2,500 බෙදා දෙන බවට ලත් ආරංචිය නිසා ජනතාවට විශාල වශයෙන් එම ව්‍යාපාරිකයාගේ යැයිි පැවසෙන වාහන අමතර කොටස් අංගනයක දොරටුුුව අසළට රැස්වූ අතර එහිදීී ඇතිවුණු තෙරපුම නිසා කාන්තාවන් තුන් දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු අතර තවත් 12 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළ් කරන ලදී.
එම ස්ථානයට පැමිණි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ මෙම ව්‍යාපාරිකයා දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මාලිගාවත්ත ප්‍රදේශයේ වාහන අමතර කොටස් අංගනයක් පවත්වාගෙන යන බවයි.
මෙවැනි කටයුත්තක් ඇදිරි නීතිය පවතින කාලයක් තුළ සිදු කෙරෙන බවට පොලිසියට දන්වා හෝ අවසරයක් ඔහු විසින් ලබාගෙන නොමැති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේය.
ඒ අනුව අද සවස මේ පිළිබදව සැක පිට මාලිගාවත්ත පොලිසිය විසින් අදාළ ව්‍යාපාරිකයා ඇතුළු 05 දෙනෙක් අත්අඩංගුවට ගත් අතර අනතුරුව උසාවියට ඉදිරිපත් කෙරුණි.
