හෙට සිට කොළඹ යළි පාර්කින් කඩයි

by admindasun
0 comment 51 views

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් ක්‍රියාත්මක කෙරුණු ඇදිරි නීතිය නිසා තාවකාලිකව නතර කර තිබුණු කොළඹ නගරය තුළ වාහන නැවැත්වීමේදී අය කරනු ලබන ගාස්තු හෙට සිට යළි අය කිරීම නැවත ආරම්භ කරන බව කොළඹ මහ නගර සභාව පවසයි.

ඒ අනුව එම ගාස්තු අය කරනු ලබන පුද්ගලයන්ට කොවිඩ් – 19 පැතිරීම වළක්වාලීමේ උපදෙස් වැඩමුළුවක් පැවැත්වූ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය රුවන් විජයමුණි පැවසුවේය.

මෙහිදී තමන් කොවිඩ් රෝගයෙන් වැළකී සිටින අයුරු මෙන්ම තමාගෙන් වෙනත් කෙනෙකුට රෝගය ප්‍රචාරය වීම වළක්වා ගැනීමේ ක්‍රමෝපායන් පිළිබදව ඔවුන් දැනුවත් කර බව වෛද්‍ය විජයමුණි පැවසුවේය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment