කොවිඩ් නිසා පන්දුවේ කෙළ තැවරීම තහනම් කරයි

by admindasun
0 comment 15 views

ක්‍රිකට් ක්‍රීඩා කිරීමේදී පන්දුව දීප්තිමත් කිරීම සදහා සාමාන්‍යයෙන් ඒ මත ක්‍රීඩකයන් විසින් ඛේඨය තැවරීම පුරුද්දක් ලෙස සිදු කළද එසේ කිරීම තහනම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇත.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවත් වැඩිදුරටත් පැවස‌ේ.

එසේම මේ වන විට ලෝකය පුරා වසංගතයක් ලෙස පැතිර යන කොවිඩ් – 19 වසංගතය වැළැක්වීම සදහා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් තවත් පියවර රැසක් ගෙන ඇති අතර ඒ පිළිබදව රටවල් දැනුවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment