කොවිඩ්- 19 වසංගත තත්ත්වය නිසා තම ආදායම් මාර්ග අවහිර වී ඇති ජනතාවට රජය විසින් ලබාදෙන රු. 5,000 දීමනාව ජුනි මාසයට ලබා දීම පවතින මැතිවරණ තත්ත්වය සමග කෙරෙහි දෙවරක් සිතා බලන ලෙස මැතිවරණ කොමිසම රජයෙන් ඉල්ලා සිටියි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රජයෙන් ඉල්ලා සිටියේ පාලන පක්ෂයේ දේශපාලඥයින් ප්‍රවර්ධනය වීමක් එම දීමනාව ලබා දීමෙන් සිදු වන අතර එය මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් බවයි.
එසේම එම දීමනාව ලබා දීමේ වැඩසටහනෙන් ප්‍රාදේශීය දේශපාලඥයන් ඉවත් කරන ලෙසත් තව දුරටත් මැතිවරණ කොමිසම ඉල්ලා සිටියේය.
මේ පිළිබදව අද පැවැති කැබිනට් හමුවේදී සාකච්ඡා වී ඇති අතර මැතිවරණ කොමිසමේ ඉල්ලීම සලකා බැලීමට රජය තීරණය කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.
