නාවික හමුදාවේ තවත් 35කට කොවිඩ්

by admindasun
0 comment 42 views

ඊයේ දිනයේදී වාර්තා වුණු කොවිඩ් – 19 රෝගීන් 35 දෙනාම නාවික හමුදා සාමාජිකයන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

තවද අද උදෑසන වන විට තවත් කොවිඩ් – 19 රෝගීන් 04 දෙනෙක් හදුනාගෙන ඇති අතර ඒ අනුව රෝගය ආසාධනය වු මුළු පුද්ගලයින් සංඛ්‍යාව 1027ක් පමණ වන බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

රෝගය ආසාධනය වීමෙන් මේ වන විට දිවයින පුරා පිහිටි රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 449ක් පමණ වන අතර  අතර 569ක් මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇත.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පැවසුවේ මේ වන විට සුවය ලබා පිටව ගිය නාවික හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව 221ක් පමණ වන බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment