අන්තවාදී තර්ජණ එල්ල වන බව කියන ප්‍රචාර සාවද්‍යයි

by admindasun
0 comment 16 views

අන්තවාදී තර්ජණ පිළිබදව මහජනතාව නොමග යවමින් සමාජ මාධ්‍ය ජාලා හරහා මේ වන විට පැතිර යමින් තිබෙන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යංශය අද නිවේදනය කළේය.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න පැවසුවේ එවැනි තොරතුරු කිසිවක් බුද්ධි අංශ වෙත ලැබී නොමැති අතර එම ප්‍රචාරවලින් නොමග නොයන ලෙසයි.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය පැතිරීම වළක්වාලීමට ත්‍රිවිධ හමුදා සහ පොලිස් සහය ලබැ ගැනීම තුළ රටේ ජාතික ආරක්ෂාව කිසිදු ආකාරයකින් නොසලකා හැර නොමැති බව ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේය.

රජය විසින් මේ වන විට සියලුම බුද්ධි අංශ එක් ජාලයක් යටතටගෙන ඇති අතර අභ්‍යන්තර හා බාහිර වශයෙන් ආරක්ෂාවය ඇති තර්ජණ පිළිබදව බුද්ධි තොරතුරු ලබා ගැනීම සදහා බුද්ධි අංශ ශක්තිමත් කර ඇති බවත් මේජර් ජනරාල් ගුණරත්න පැවසුවේය.

 

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment