නව තාක්ෂණය යොදා ගනිමින් අධිකරණ ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා වු පළමු අදියරය ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හා බන්ධනාගාර සම්බන්ධ සම්බන්ධ කරමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු ඇසීමේ නියමු ව්‍යාපෘතිය අද දින ආරම්භ කළ බව අධිකරණ අමාත්‍යංශය පවසයි.
අධිකරණ අමාත්‍යංශයේ මග පෙන්විම හා සංකල්පයකට අනුව ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනය විසින් මේ සදහා තාක්ෂණික සහාය ලබා දෙනු ලබයි.
මෙය විශේෂිත මෘදුකාංගයකින් සමන්විත අතර බන්ධනාගාර රැදවියන් අධිකරණයට රැගෙන ඒම වෙනුවට වැලිකඩ බණ්ඩනාගාරයේ ස්ථාපිත කළ තාක්ෂණික භුමියේ සිට අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මෙය තව දුරටත් පුළුල් කිරිමේ ඉදිරි පියවර ලෙස මුළු දිවයිනම ආවරණය වන පරිදි එම තාක්ෂණය හදුන්වාදී ස්ථාපිත කිරිමට මේ වන විටත් වැඩකටයුතු සැකසෙමින් පවතින බව අධිකරණ අමාත්‍යංශය පවසයි.
මෙම අවස්ථාව සඳහා අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය, අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් (නිතී) පියුමන්ති පිරිස් මහත්මිය ඇතුළු නිළධාරින් පිරිසක් සහභාගී විය.

