රණවිරුවන්ට එරෙහි ජාත්‍යන්තර සංවිධානවලින් ඉවත් වනවා

by admindasun
0 comment 34 views

මෙරට රණවිරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාත්‍යන්තර සංවිධානවලින් බල කරන්නේනම් එවැනි සංවිධානවල නායකත්වයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේය.

මීල සුළු මොහොතකට පෙර බත්තරමුල්ල රණ විරු ස්මාරකය ඉදිරිපිටදී අවසන් වුණු 11 වන රණවිරු සැමරුම් දිනය අමතමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ තම පාලන කාලය තුළ රණවිරුවන්ට එල්ල වන සියලු තර්ජණවලින් රණවිරුවන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බවයි.

තව දුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා කියා සිටියේ ලෝකයේ බලවත් රටවල පවා තම රටවල ආරක්ෂක අංශ සාමාජිකයන් ආරක්ෂා කරන අතර ශ්‍රී ලංකාව වැනි රටවලට එසේ සිදු කිරීමට විවෙචනයට ලක් කළ නොහැකි බවයි.

තවද යුද්ධයේ වේදනාව මෙරට සෑම කෙනෙක්ම අත්විද ඇති අතර රණවිරුවන්ගේ වීරෝධාර පරිත්‍යාග හමුවේ එම සමය අවසන් කර ඇති බවත් ඔහු කියා සිටියේය.

රාජපක්ෂ මහතා තවදුරටත් කියා සිටියේ හැකි සෑම අයුරකින්ම රණවිරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment