විදේශ රටවල් 143ක පමණ සිටින ශ්‍රී ලාංකිකයින් 38,983 දෙනෙක් යළි සිය රට බලා පැමිණීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
විදේශ කටයුතු අමාත්‍යංශයේ ‘ශ්‍රී ලංකාව අමතන්න’ වෙබ් ද්වාරය ඔස්සේ එක් රැස්වූ තොරතුරුවලට අනුව මෙසේ පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් අතර සිසු සිසුවියන් 3,078ක්ද, කෙටි කාලීන වීසා බලපත්‍රලාභීන් 4,040ක්ද, සංක්‍රමණික ශ්‍රමිකයින් 27,854ක්ද, ඔවුන්ගෙන් යැපෙන්නන් 3,527ක් සහ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින් 484 දෙනෙක්ද සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
පසුගිය අප්‍රේල් 21 වන දින සිට මේ දක්වා ලෝකයේ විවිධ රටවල් 15ක සිට 3,600ක් පමණ ශ්‍රී ලාංකිකයන් මේ වන විට ගෙන්වා ගෙන ඇත.
පසුගිය මාර්තු 26 වන දින හදුන්වාදුන් මෙම වෙබ් ද්වාරය එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රයෝජනය සදහා උපකාරක කවුළුවක් ලෙසද කටයුතු කරයි.
විදේශ අමාත්‍යංශයේ ආර්ථික කටයුතු (බහු පාර්ශ්වීය) සහ විදේශීය ශ්‍රී ලාංකිකයන් පිළිබද වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අන්සුල් ජාන් පැවසුවේ මෙම ද්වාරය දියත් කළ අවස්ථාවේ සිට මේ දක්වා එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් 78,033 දෙනෙකු එහි ලියාපදිංචි වී ඇති අතර 24 පැයෙහි ක්‍රියාත්මක වන උපකාරක සේවය හරහා විදේශගත ශ්‍රී ලාංකිකයින් යොමු කරන ලද ප්‍රශ්න 7,788කට මේ වන විට පිළිතුරු ලබා දී ඇති බවයි.
