දැඩි සුළගින් ගාල්ලේ නිවාස 45කට හානි

by admindasun
0 comment 29 views

ඊයේ (17) දින ගාල්ල දිස්ත්‍රික්කය හරහා හමාගිය සුළං තත්වය නිසා නිවාස 45 කට පමණ හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජානක හදුන්පතිරාජ පැවසුවේ මෙම ආපදා තත්වය නිසා ඇල්පිටිය උතුර (37), ඇල්පිටිය නැගෙනහිර (1), අටකෝට්ටේ (5) සහ ඇල්පිටිය මධ්‍යම (1) යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල නිවාස හානියට පත්වී ඇතිි බවයි.

එසේම මෙම සුළං තත්වය නිසා සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 02 කට හානි සිදුවී ඇති අතර යටිතල පහසුකම්වලටද යම් බල පෑමක් සිදුවී ඇති බැවින් එදිනෙදා ජන ජීවිතවලට යම් බලපෑමක් එල්ල වු අතර අදාළ පාර්ෂවකාර ආයතන සහ ත්‍රිවිධ හමුදාව ජනතාව සම්බන්ධීකරණය කරගනිමින් ආපදා හානි යථා තත්වයට පත් කර ගැනීම සදහා ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකය කටයුතු කරන ලද  බව හදුන්පතිරාජ මහතා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment