අද දිනයේ රාත්‍රි 8.30 දක්වා කොවිඩ් – 19 ආසාධිතයින් 10 දෙනෙක් වාර්තා වී ඇති අතර ඒ අනුව මේ වන විට රෝගය වැළදීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 423 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මේ අනුව මේ වන තෙක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 970 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
අද දිනයේදී අවසන් වරට වාර්තා වුණු රෝගීන් 06 දෙනාා නාවික හමුදා සාමාජිකයන් බවත් සෞඛ්‍ය අරංචි මාර්ග පැවසුවේය.
