ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති ‘අම්ෆන්’ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් ලෙස වර්ධනය වී ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් ස්ථානගතව ඇතර මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළදී ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ යැයි අනුමාන කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.
මෙය ඉදිරි පැය 24තුලදී උතුරු දෙසටත් ඉන් අනතුරුවඋතුරට බරව ඊසාන දෙසට හැරී 20 වන දින වන විට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.
එහි බලපෑම හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන් ද ඇති විය හැකිි බවත්දි වයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැකිි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.
දකුණ, බස්නාහිර, සබරගමුව,මධ්‍යමසහ වයඹපළාත් වලවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිඅතර ඇතැම් ස්ථාන වලට 150mm ඉක්මවූ ඉතාතද වැසිද ඇති විය හැක. උතුරුමැද සහ ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ තවදුටත් දැක්වේ.
එසේම දිවයින වටා පිහිටි මුහුදේ ධීවර හා නාවුක කටයුතුවල යෙදෙන්නන් මේ සම්බන්දයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස එම ප්‍රජාවට දන්වා සිටින අතර පුත්තලම සිට ගාල්ලසහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.
