අද දිනයේ මේ දක්වා කොවිඩ් රෝගීන් 14ක්

by admindasun
0 comment 46 views

අද දිනයේ මේ දක්වා කොවිඩ් – 19 ලෙස තහවුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව 14ක් පමණ වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍ය ඒකකය පවසයි.

ඒ අනුව දැනට ප්‍රතිකාර ලබන මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 420 දක්වා ඉහළ ගොස් ඇති බවත් අද දිනයේදීද සුවය ලබා පිටව ගිය රෝගීන් සමගින් මේ වන විට සුවය ලැබූ මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 520ක් පමණ වන බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

අද දිනයේදී කොවිඩ් – 19 ලෙස තහවුරුවූ රෝගීන්ගෙන් 12 දෙනෙක් පමණ නාවික හමුදා සාමාජිකයන් බවත් තවත් දෙදෙනකේ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පසුගියදා පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි දෙදෙනෙකු බවත් සෞඛ්‍ය ආරංචි මාර්ග පැවසුවේය.

මෙරටින් පළමු රෝගියා ලෙස වාර්තා වුණු චීන ජාතික කාන්තාවගේ සිට මේ දක්වා කොවිඩ් – 19 වැළදුණු මුළු පුද්ගලයින් සංඛ්‍යාව 949ක් පමණ වන බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment