කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ වුවද ජනතාවට අත්‍යවශ්‍ය සේවාවක් ලෙස අඛණ්ඩ ගෑස් සැපයුමක් මෙරට ජනතාවට ලබා දීමට මෙරට ප්‍රමුඛතව ගෑස් සැපයුම්කරුවන ලිට්රෝ ගෑස් සමත් වී ඇති බව ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ අධ්‍යක්ෂ (විකිණුම් හා අලෙවි – ආයතනික කටයුතු) ජනක පතිරත්න මහතා පවසයි.
තම අලෙවි නියෝජිතයන් සමග එක්වී පාරිභෝගිකයන් සුරක්ෂිතව නිවෙස්වලම සිටියදී ඔවුන්ට අවශ්‍ය ගෑස් සිලින්ඩර නිවෙසටම සැපයීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ලිට්රෝ ගෑස් සමාගම කටයුතු යොදා ඇත.
මේ සඳහා පළමුවෙන් අලෙවි නියෝජිතයන් 500 දෙනෙකු සම්බන්ධ කර ගැනුණු අතර පසුව එම සංඛ්‍යාව 1,000 දක්වා ඉහළ නංවන ලදි. ඒ අනුව, මෙම දුෂ්කර කාලසීමාවේදී පවා කිසිදු හිඟයකින් තොරව ඉල්ලුම සපුරාලීමට සමත්වූ ප්‍රථම සමාගම බවට පත්වීමට ලිට්රෝ සමාගමට හැකිවූ බව ඔහු කියා සිටියේය.
ආරම්භයේදී PickMe Food සමග එක්වී කොළඹ ප්‍රදේශයේ බෙදාහැරීම් සිදු කළ ලිට්රෝ ගෑස් සමාගම පසුව මෙම සේවාව අනෙකුත් පළාත් වෙතද ව්‍යාප්ත කළේ ය.
එමෙන්ම නිවෙස්වලටම ගෑස් ගෙනැවිත් භාරදීම සඳහා වෙනම ජංගම සේවාවක්ද ක්‍රියාත්මක කරන ලදි. ශ්‍රී ලංකාවේ දෛනික ගෑස් ඉල්ලුම සිලින්ඩර 80,000 ක් පමණ වන අතර කිසිදු හිඟයකින් තොරව සමස්ත ශ්‍රී ලංකා වාසීන්ට දවස පුරා ගෑස් සැපයීමට ලිට්රෝ ගෑස් සමාගම පියවර ගත්තේය.
එමෙන්ම තවත් නවතම පියවරක් ලෙස පාරිභෝගිකයන්ට තමන්ට අවශ්‍ය ගෑස් නිවසටම ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය මගපෙන්වීම් ලබාදීමට 1311 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දෙන ලදි. එමෙන්ම ගෑස් බෙදාහැරීම සම්බන්ධ නවතම තොරතුරු සහ බෙදාහැරීම් ජාලය පුළුල් කිරීම සම්බන්ධ තොරතුරු තම වෙබ් අඩවියට ඇතුළත් කරමින් අඛණ්ඩව ජනතාව දැනුවත් කිරීමටද සමාගම කටයුතු කළේය.
සිලින්ඩර පිරවීම හා බෙදාහැරීම නොකඩවා සිදුකරමින් ජනතාව වෙත දිගින් දිගටම ගෑස් සිලින්ඩර සැපයීමට ලිට්රෝ ගෑස් සමාගම සැළසුම් කර තිබේ.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු යෙදුණු අප්‍රේල් 13 සහ 14 දින හැරුණු විට සෙසු දිනවල මෙම කටයුතු අඛණ්ඩව සිදු කෙරිණි. මේ නිසාම ජනතාවට තම නිවෙස්වල සිටම අවුරුදු සමයේ සතුට තමන්ට හැකි පමණින් භුක්ති විඳීමට අවස්ථාව උදා විය.
“’ජාතික ලිපගිනි සපයන්නා ලෙසින් මේ දුෂ්කර අවස්ථාවේ ජනතාවට උපරිමයෙන් සේවය සැලසීමට අප කැපවී සිටිනවා. අපගේ කාර්ය මණ්ඩලය, කළමනාකාරීත්වය, සැපයුම් දාමයේ ප්‍රධාන සාමාජිකයන් සහ රජයේ බලධාරී අංශ යන සියලුම පාර්ශ්වවල සහයෝගය නිසා මේ කාල සීමාවේ අඛණ්ඩව බෙදාහැරීම් සිදු කිරීමට අපට හැකියාව ලැබුණා,” යැයි පතිරත්න මහතා පැවසී ය.
මතුවූ අභියෝග හමුවේ ජනතාවට අඛණ්ඩව, විධිමත් හා විශ්වාසදායී සේවාවක් සපයමින්, රටේ අනෙකුත් ප්‍රමුඛ පෙළේ ආයතන මෙන්ම අන්තර්ජාලය හරහා අලෙවි කටයුතු සිදුකරන සමාගම් වලටද ආදර්ශයක් සැපයීමට ලිට්රෝ ගෑස් ලංකා සමාගමට හැකියාව ලැබිණි.
මෙම සාර්ථකත්වය අත්පත් කරගැනීම සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගම සතු, වසර ගණනාවක් පුරා විහිදුණු අත්දැකීම් සම්භාරය අතිශයින් වැදගත් විය. ඒ අනුව අධික දුෂ්කරතා හමුවේ පවා තොග අවසන් නොවී පවත්වා ගනිමින්, අතිවිශිෂ්ට බෙදාහැරීම් සේවාවක් සැපයීමට සමාගම කටයුතු කළේ ය. සමාගම හා එක්වී සිටින සියලුම දෙනා එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් හා කණ්ඩායම් හැඟීමෙන් යුතුව වැඩකිරීමද මෙම සාර්ථකත්වයට බෙහෙවින් බලපා තිබේ.
2020 මාර්තු 15 සහ අප්‍රේල් 30 අතර කාලසීමාව තුළ සමාගම වෙත එල් පී ගෑස් මෙට්‍රික් ටොන් 41,000 ක් ලැබුණු අතර සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට එය මහෝපකාරී විය. මේ ආකාරයට එල් පී ගෑස් විශාල ප්‍රමාණයක් සුරක්ෂිතව ගබඩා කොට තබා ගැනීමට සමාගමට හැකිවීම එහි මෙහෙයුම් හා තාක්ෂණික අංශවල විශිෂ්ටත්වයට මනා සාක්ෂියකි.
