ගතවුණු පැය 24 තුළ ඇද හැලුණු වර්ෂාවත් සමග ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 08ක පමණ නායයාමේ අවදානමක් ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.
ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කලුතර, කෑගල්ල, කොළඹ සහ මහනුවර යන දිස්ත්‍රික්ක සදහා නායයාමේ අවදානමක් ඇති බවට නිවේදනය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ජානක හදුන්පතිරාජ පැවසුවේය.
පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, ඇලපාත, නිවිතිගල, කලවාන සහ කිරිඇල්ල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවල සහ මාවතගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, වරකාපොළ, රඹුක්කන, ගලිගමුව, කැගල්ල, නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹංගගකෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවධානම් කලාපවල ජීවත් වන ජනතාව තවදුරටත් වර්ෂාව ලැබේ නම් ආරක්ෂත ස්ථාන කරා ඉවත් වීමට සුදානම් වෙන ලෙස නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.
එසේම පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවු ප්‍රදේශවල ජනතාව නායයාම්, කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරලීම් වැනි ආපදා සිදුවිය හැකි බැවින් අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අනතුරු අගවා ඇත.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල, අක්මීමන, ඇල්පිටිය, නියාගම, බෝපේ පෝද්දල, නාගොඩ, තවලම සහ නෙලුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවධානම් කලාප, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නායයාම් අවධානම් කලාප, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට,අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවධානම් කලාප කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල, වලල්ලාවිට, හොරණ, ඉංගිරිය සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවධානම් කලාප මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ කොටපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවධානම් කලාප කොළඔ දිස්ත්‍රික්කයේ සීතාවකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නායයාම් අවධානම් කලාප කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක යටියන්තොට, දැරණියගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවධානම් කලාප සහ මහනුවර දිස්ත්‍රික්කයේ ගගඉහළ කෝරළේ සහ තුම්පනේ යන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවධානම් කලාප වල ජීවත් වන ජනතාව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අනතුරු අගවා ඇත.
