සති 02ක් තුළ සමාජයෙන් කොවිඩ් රෝගීන් නැහැ

by admindasun
0 comment 39 views

පසුගියද දවස් 15ක කාල සීමාව තුළ බාහිර සමාජයෙන් කොවිඩ් – 19 වාර්තා   නොවුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

පසුගිය සති දෙකක කාලය තුළ වාර්තා වුණු රෝගීන් සියල්ල වැලිසර නාවික හමුදා කදවුරේ සාමාජිකයන්ගෙන් සහ දැනට නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වී සිටින ඔවුන්ගේ සමීපතමයින්ගෙන් පමණක් වාර්තා වුණු බවත් ඔහු කියා සිටියේය.

ඒ අනුව බාහිර සමාජයෙන් තව දුරටත් කොවිඩ් රෝගීන් වාර්තා නොවුණ බව ඔහු පැවසුවේය.

මේ අතර ඊයේ දිනයේදී වාර්තා වුණු කොවිඩ් රෝගීන් දහ දෙනාගෙන් 09 දෙනෙක්ම නාවික හමුදා සාමාජිකයන් වන අතර එක් අයෙක් නිරෝධායන මධ්‍යස්ථානයක සිටි ඔවුන්ගේ පවුල්වල සමීපතමයෙක් බව කොවිඩ් – 19 මර්දන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.

එසේම කොවිඩ් – 19 ආසාධනය වී සුවවී නිවෙස් බලා පිටත්ව ගිය රෝගීන්ග‌ේ සංඛ්‍යාව දැනට ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ගණනට වඩා ඊයේ දිනයේදී ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව 477 දෙනෙක් මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 449ක් පමණ වේ. මේ වන විට රෝගය වැළදුණු මුළු සංඛ්‍යාව 935ක් පමණ වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment