ශ්‍රී ලංකාවේ කොවිඩ් හුදෙකලා ප්‍රදේශ අවසන් වෙයි

by admindasun
0 comment 30 views

කොවිඩ් – 19 වසංගතය සම්බන්ධයෙන් පොකුරු ලෙස රෝගීන් වාර්තා වීම හේතුවෙන් වසා දැමුණු ප්‍රදේශ සියල්ල අද දින වන විට අවසන් වූ බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.

ඒ අනුව අවසන් වශයෙන් මෙරට හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබූ කෙළඹ කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත සහ ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශය අද දින හුදෙකලා ප්‍රදේශ ලයිස්තුවෙන් ඉවත් කළ අතර තව දුරටත් මෙරට හුදෙකලා ප්‍රදේශ නොමැති බව ඔහු පැවසුවේය.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා ඇදිරි නීතය ක්‍රියාත්මක කළ මාර්තු 20 වන දින සිට මේ දක්වා විවිධ ප්‍රදේශ එම ප්‍රදේශවලින් වාර්තා වන රෝගී පොකුරු අනුව හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණි. ඒ අනුව බණ්ඩාරගම අටළුගම, බේරුවල පන්විල සහ චීන කොටුව, මහනුවර අකුරණ, පොළොන්නරුව ලංකාපුර, ජා – ඇල සුදුවැල්ල, කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක පුර මෙසේ හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබුණු අතර එම ප්‍රදේශවල තත්ත්වය පාලනය කිරීමත් සමග සාමාන්‍ය පරිදි විවෘත කිරීමට කටයුතු කරන ලදී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment