ගංවතුර ඇතිවිය හැකි ප්‍රදේශ දැනුම් දෙයි

by admindasun
0 comment 78 views

බෙංගාල බොක්ක ප්‍රදේශයේ හටගෙන ඇති අවපීඩන තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඉදිරි දින කිහිපය තුළ විශේෂයෙන් මධ්‍යම, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලට ඇතිවිය හැකි තද වර්ෂාපතනය නිසා ගංවතුර ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දින නිවේදනය කළේය.

ඒ අනුව අදාළ ප්‍රදේශවලට මිලි මීටර් 150ට වඩා වැඩි වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවා ඇති අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් එමගින් ගංවතුර තර්ජණවට ලක්විය හැකි ප්‍රදේශ පිළිබදව අද දින නිවේදනය කළේය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා පැවසුවේ පහත සදහන් ප්‍රදේශවලට අධික වර්ෂාපතනයෙන් ගංවතුර තර්ජණයක් ඇති බැවින් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඒ පිළිබද විය හැකි හානි අවම කර ගැනීම සදහා පූර්වෝපායන් ගත යුතු බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment