ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාධනය වී ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාවට වඩා සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව අද දිනයේදී ඉක්මවා ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.
ඒ අනුව අද දින වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 439ක් වන අතර අද දිනයේදීද සුවය ලබා පිටව ගිය රෝගීන් 32 දෙදෙනෙකුද සමග සුවය ලැබූ මුළු සංඛ්‍යාව 477ක් පමණ වන බවත් ඔහු කියා සිටියේය.
එසේම මේ වන විට මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් – 19 ආසාධිත රෝගීන්ගේ සංඛ්‍යාව 925ක් වන බවත් වෛද්‍ය ජාසිංහ පැවසුවේය.
මේ වන විට නාවික හමුදා සාමාජිකයන් 489 දෙනෙකුට කොවිඩ් – 19 ආසාධනය වී තිබුණු අතර මේ වන විට 151ක් සුවය ලබා ඇති අතර 338ක් තවමත් ප්‍රතිකාර ලබමින් ඇත.
