මෙරට මත්පැන් අලෙවි සල් වසා දමා තිබුණු කාල සීමාව තුළත් ඒ සදහා පුරුදු වී සිටි ජනතාව කසිප්පු වැනි නීති විරෝධී මත් පැන් පානය කළ බවට තමන් වෙත තොරතුරු ලැබුණු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
බදාදා රාත්‍රි පැවැති රූපවාහිනී සජීවී සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේ කසිප්පු වැනි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය මෙම කාලය තුළ විශාල ලෙස ඉහළ ගොස් තිබුණු බවයි.
එනිසා මත්පැන් අලෙවි සල් වසා හෝ විවෘත කළ තිබුණද ජනතාව පානය කළ මත්පැන් ප්‍රමාණය ඒ අයුරින්ම පානය කර තිබූ බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
එසේම නව කසිප්පු නිෂ්පාදකයන්ද බිහි වී තිබුණු අතර කිසි දිනක ගම්වල එවැනි නීති විරෝධී මත්පැන් පානයට නොගිය පිරිස්ද ඒ සදහා යොමු වී තිබුණු බවත් ඔහු කියා සිටියේය.
එහිදී රුපියල් 5,000ක් වැනි මුදලටද මත්පැන් අලෙවි වී ඇති බව නිවේදකයා පැවසූ අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ එපමණක් නොව රුපියල් 5,000ක මුදලක් ගෙවා කසිප්පු වැනි නීති විරෝධී මත්පැන් පානය කළ අයද මේ අතර සිටි බවයි.
