16 රෑ 08 සිට 18 උදේ 05 දක්වා ලංකාවටම ඇදිරි නීතිය

by admindasun
0 comment 42 views

මේ වන විට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වන ඇදිරි නීතිය තව දුරටත් එළෙසින්ම ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය අද දින නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

අනෙකුත් දිස්ත්‍රික්කවල මැයි මස 16 වන දින සෙනසුරාදා දක්වා රාත්‍රි 08 සිට උදේ 05 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අතර මැයි 17 වනදා ඉරිදා දින දිවයින පුරාම ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බවත් එම නිවේදනය මගින් දැනුම් දුන්නේය.

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය මැයි 18 වනදා සදුදා උදෑසන 05ට ලිහිල් කිරීමෙන් පසු මැයි 23 සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රි 08 සිට උදේ 05 දක්වා පමණක් බවත් එම නිවේදනයේ සදහන් වේ.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇදිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම සදහා පසුගිය 11 සදුදා ආරම්භ වූ වැඩපිළිවෙළ ලබන 16 සෙනසුරාදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කොට මැයි 18 සදුදා සිට නැවත ඉදිරියට ගෙන යන අතර මීට පෙර නිකුත් කරන ලද කොන්දේසි ඒ අයුරින්ම අදාළ වන බවත් එම නිවේදනයේ සදහන්ව තිබුණි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment