CIDය මංගලගෙන් පැය 05ක් ප්‍රශ්න කරයි

by admindasun
0 comment 31 views

පසුගිය ජනාධිපතිවරණ සමයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ සිට උතුරු පළාතේ ඡන්ද පොළක් වෙත ඡන්දදායකයන් රැගෙන යාම සදහා මුදල් අනුමත කළ බවට චෝදනාව සම්බන්ධයෙන් එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් ලබා ගත්තේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට කරන ලද දැනුම්දීමකට මංගල සමරවීර මහතා කොළඹ කොටුව පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානය වෙත පැමිණි අතර එහිදී පැය 05ක කාලයක් තිස්සේ ඔහුගෙන් ප්‍රකාශය සටහන් කර ගත් බව සමරවීර මහතා පැවසුවේය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු තවදුරටත් කියා සිටියේ උතුරු පළාතේ සිට එල් ටී ටී ඊ තර්ජණ හේතුවෙන් තම මුල් පදිංචි ස්ථානවලින් අවතැන්වූ ජනතාව ප්‍රවාහනය කිරීම සදහා විශේෂ ව්‍යාපෘතියක් යටතේ මුදල් වෙන් කළ බවයි.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment