පක්ෂ නියෝජිතයින්ගෙන් මැතිවරණ කොමිසමට දොස්

by admindasun
0 comment 50 views

අද දින මැතිවරණ කොමිසමේ පැවැත්වුුණු සාකච්ඡාවේදී සන්ධානගත දේශපාලන පක්ෂවල නියෝජිතයන් විසින් මැතිවරණය පිළිබදව තීරණයක් නොගැනීම සම්බන්ධයෙන් කොමිසමේ සාමාජියන්ට දොස් පැවරූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙහිදී ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ සියලු දේශපාලඥයන් මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පවතින බවට යම් කිසි එකගතාවකට පැමිණ තිබුණු අතර මැතිවරණ දිනය කල් දැමීම පිළිබදව පූර්ණ බලය ඇති මැතිවරණ කොමිසම ඒ සම්බන්ධයෙන් දක්වන ඇල් මැරුණු ස්වභාවය පිළිබදව විශේෂයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ තම අකමැත්ත ප්‍රකාශ කර තිබුණි.

නාම යෝජනා බාර ගැනීම අවසන් වීමෙන් පසුුුව දේශපාලන පක්ෂවල නියෝජිතයන් කැදවූ තෙවන අවස්ථාව මෙය වන අතර මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ටද හොදින් වැටහෙන මෙම තත්ත්වය පිළිබදව තීන්දුවක් නොගෙන මෙවැනි සාකච්ඡා පැවැත්වීම නිකරුණේ කාලය නාස්ති කිරීමක් බවත් විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට පවසා ඇත.

පැය 02කටත් අධික කාලයක් තිස්සේ පැවැති මෙම සාකච්ඡාව අවසන් වන තුරු නොසිට සමහර දේශපාලඥයන් කලින් පිටව ගිය බවත් එම දේශපාලන ආරංචි මාර්ග පැවසුවේය.

තව දුරටත් කරුණු දැක්වූ එම ආරංචි මාර්ග කියා සිටියේ මැතිවරණ කොමිසමේ සියලු සාමාජිකයින් එම සාකච්ඡාව සදහා සහභාගී වී සිටි අතර තවත් මෙවැනිම සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර ඒ සදහා නිශ්චිත දිනයක් තවමත් දැනුම් දී නොමැති බවයි.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment