හැදුනුම්පත් එක් දින සේවාව නැතත් හදිසි අයට ගන්න පුලුවන්

by admindasun
0 comment 27 views

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාර්තු මස 16 වන දින සිට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව තාවකාලිකව නතර කර ඇතත් හදිසි අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ජාතික හැදුනුම්පත් කඩිනමින් ලබා දීමේ සේවාවක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී. වී ගුණතිලක මහතා පවසයි.

විභාග කටයුතු, සම්මුඛ පරීක්ෂණ, රියදුරු බලපත් ලබා ගැනීම, විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම වැනි අත්‍යවශ්‍ය කරුණු හේතුවෙන් ජාතික හැදුනුම්පත කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය අය සදහා ප්‍රාදේශීය කාර්යාල හරහා මෙම කඩිනම් සේවාව ක්‍රියාත්මක වන බවත් ඔහු පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වූ ගුණතිලක මහතාට අනුව එවැනි හදිසි අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ අවශ්‍යතාව ග්‍රාම නිළධාරී මගින් තහවුරු කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැදුනුම්පත් අංශයට භාර දිය යුතුය. එහිදි එම නිළධාරීන් විසින් එහිි තොරතුරු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කරන අතර එම තොරතුරුවලට අදාළ හැදුනුම්පත කඩිනමින් සකස් කර ලියාපදිංචි තැපෑලෙන් ඉල්ලුම්කරු වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කෙරේ.

තවද සාමාන්‍ය සේවය යටතේ ඉදිරිපත් කෙරෙන අයදුම්පත්ද ග්‍රාම නිළධාරී මාර්ගයෙන් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ හැකි අතර එම අයදුම්පත්වලටද ප්‍රමාදයකින් තොරව හැදුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කරන බව ගුණතිලක මහතා පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment